brand logo

නිරෝධායන නීති කැඩු 548ක් අල්ලයි

11 May 2021

නිරෝධායන නීති කඩ කරමින් මුහුණු ආවරණ නොපැලඳ සිටි පුද්ගලයින් 548 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය ඔක්තෝබර් 30 සිට මේ දක්වා වු කාලය තුළ පුද්ගලයින් 7,864ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. මේ අතර බස්නාහිර පළාතේ පොදු ප්‍රවාහන සේවා ආශ්‍රිතව නිරෝධායන නීති ක්‍රියාත්මක වන්නේදැයි සොයා සිදුකළ විශේෂ මෙහෙයුමේ දී නිරෝධායන රීතින්ට අනුගත නොවු පුද්ගලයින් 4,702කට අවවාද කර ඇති අතර තවත් පුද්ගලයින් 92ක් අත්අඩංගුවට ගෙන තිබේ
 

More News..