brand logo

නිරෝධානය නීති කඩමින් හැසිරුණු සරසවි සිසුන්ට විභාගය අහිමි වෙයි

01 May 2021

සබරගමුව විශ්වවිද්‍යාලයේ අනිද්දා සිට ආරම්භ කිරීමට නියමිත ප්‍රථම වර්ෂ, ප්‍රථම අර්ධ වාර්ෂික පරීක්ෂණ සඳහා පෙනී සිටීමට විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාර තුළ විධිමත් ලෙස නිරෝධායනය වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා පමණක් අවසර හිමිවන බව සබරගමුව විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ආර්.එම්.යූ.එස්.කේ. රත්නායක මහතා ප්‍රකාශ කරයි. සිංහරාජ ශිෂ්‍ය නේවාසිකාගාරයේ රැදී සිටින සිසුන් විශ්වවිද්‍යාලයේ නීති රීති සහ නිරෝධායන නීති කඩ කරමින් හැසිරෙන බවට තහවුරු වී ඇති හෙයින් එම නේවාසිකාගාරයේ රැදී සිටින සියළුම සිසුන්ට අනිද්දා ආරම්භ කිරීමට නියමිත පරීක්ෂණ සඳහා සහභාගි වීමට අවසර නොදෙන බව සබරගමුව විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා සඳහන් කරයි. සිංහරාජ නේවාසිකාගාරයේ රැදී සිටින සියළුම සිසුන්ට අද(01) දහවල් 12ට පෙර නේවාසිකාගාරයෙන් ඉවත් විය යුතු බවට දැනුම් දී ඇති අතර ඔවුන්ට විශ්වවිද්‍යාල භූමියට ඇතුළුවීම ද තහනම් කර ඇති බවද උපකුලපතිවරයා සඳහන් කරයි. මීට එරෙහිව සබරගමුව විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සිසුන් පිරිසක් ඊයේ රාත්‍රියේ විශ්වවිද්‍යාල දොරටුව ඉදිරිපිට උපවාසයක ද නිරත නිරත විය.
 

More News..