brand logo

නිරෝධායන නීති කඩ කළ පිරිස 263ක් දක්වා ඉහළට

16 November 2020

ගතවූ පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 42 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මුඛ ආවරණ නොපැළදීම සහ දුරස්ථභාවය තබා නොගැනීම සම්බන්ධයෙන් එම පුද්ගලයින් අත්අඩංගුවට ගත්බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. පසුගිය ඔක්තෝබර් මස 30වන දින සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 263 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබේ. ඔවුන් සියලුදෙනාට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
 

More News..