brand logo

නිරෝධායන නීති කඩ කරමින් ප්‍රා.සභාවේ සභාපති රැස්වීම් පවත්වලා

13 January 2021

නිරෝධායන නීති උල්ලංඝණය කරමින් කෑගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අද (13) දින කෑගල්ල ප්‍රාදේශීය සභාවේ මහ සභා රැස්වීම පවත්වා ඇති බව වාර්තා වේ. කෑගල්ල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව පෙරේදා (11) තහවුරු වී ඇති අතර ඔහුගේ ආශ්‍රිතයෙක් ලෙස කෑගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඊයේ(12) දින සිට නිරෝධායනයට ලක් ඇති බව වාර්තා වේ. නිරෝධායන නීති උල්ලංඝණය කරමින් පැවති එම රැස්වීම කෑගල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ගොස් නතර කිරීමට පියවර ගෙන තිබේ. පසුව කෑගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ පවුලේ සාමාජිකයන් අද දින සිට දින 14ක් නිරෝධායනය කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇති බව වාර්තා වේ
 

More News..