brand logo

නිරෝධායන නීති කඩා යාපනයේ විවාහ උත්සවයක්

15 June 2021

යාපනය ගුරුනගර් ප්‍රදේශයේ නිරෝධායන නීථි උල්ලංගනය කරමින් විවාහ උත්සවයක් සංවිධානය කළ පුද්ගලයින් 16දෙනෙකු අත්අඩංගුවට ගෙන නිරෝධායනයට යොමු කර තිබේ. යාපනය මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය සදහන් කළේ එම විවාහ මංගල උත්සවයට විශාල පිරිසක් සහභාගි වී ඇති බවයි. මේ සම්බන්ධයෙන් නෙල්ලිඅඩි පොලීසියට ලැබුනු තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් හා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් එක්ව විවාහ උත්සවය පැවැති ස්ථානයට ගොස් පරීක්ෂා කර තිබේ. සෞඛ්‍යාරක්ෂිත පියවර කඩකරමින් උත්සවයට සහභාගි වී සිටි 16දෙනෙකු අත්අඩංගුවට ගෙන එම ස්ථානයේම ඔවුන් නිරෝධායනයට යොමු කර තිබේ. එම මංගල උත්සවයේ මනාල යුවල හා පූජකරුවන් දෙදෙනෙකු ඇතුළු ඥාතීන් පනස්දෙනෙකුට අධික පිරිසක් නිරෝධායනයට යොමු කරවීමට පොලීසිය පියවර ගෙන ඇත.
 

More News..