brand logo

නිරෝධායන නීති කඩා මත්පැන් විකිණූ කාන්තාවක් අත්අඩංගුවට

15 May 2021

නිරෝධායන රීති ක්‍රියාත්මක වන කාලසීමාව තුළ නීති විරෝධී ලෙස මත්පැන් අලෙවි කළ කාන්තාවක් ඊයේ (මැයි 14) මහව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. සැකකාරිය විසින් රාත්‍රී සාද පවත්වන පුද්ගලයින්ට මෙලෙස මත්පැන් අලෙවි කර ඇති බව අනාවරණය වී ඇත. 44 හැවිරිදි එම කාන්තාව මහව, කරඹ ප්‍රදේශයේ දී පොලිසිය විසින් සිදු කරන ලද විශේෂ වැටලීමක දී අත්අඩංගුවට ගෙන ඇත. නිරෝධායන රීතීන් ක්‍රියාත්මක වන අවස්ථාවේ දී බලපත්‍රයක් නොමැතිව මත්පැන් අලෙවි කරමින් සිටියදී අදාළ කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය සන්තකයේ තිබී මත්පැන් බෝතල් 38ක් සහ බියර් බෝතල් 98ක් පොලිස් භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි. සැකකාරිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. මෙලෙස යම් ප්‍රදේශයක පුද්ගලයින් රාත්‍රී කාලයේ දී නීති විරෝධී මත්පැන් සාද පවත්වනවා නම් 1997 අංකයට හෝ ළඟ ම ඇති පොලිසියට දැනුම්දෙන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මහ ජනතාවට දැනුම් දෙයි.
 

More News..