brand logo

නිරෝධායන නීති කඩාගෙන කොවිඩ් රෝගියෙක් පොලිසියට ඇවිත්

22 January 2021

නිරෝධායන නිති රිති උල්ලංඝනය කරමින් කොරෝනා ආසාදිත වු පුද්ගලයකු විභාගවන පැමිණිල්ලක් සදහා උඩුගම පොලිස් ස්ථානයට පැමිණිම නිසා උඩුගම පොලිසියේ ස්ථානාධිපතිවරයා සහ පොලිස් සැරයන්වරයකු හා පොලිස් කොස්තාපල්වරයකු නිරෝධායනයට ලක්කොට ඇති බව උඩුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි. මෙකි කොරෝනා ආසාදිත පුද්ගලයා කොළඹදි පි.සි ආර් පරික්ෂණයකට ලක්ව ඇත.මොහු කොළඹ නගරයේ පුද්ගලික ආයතනයක රියදුරකු ලෙස සේවය කරණ අයෙකි.ඔහු උඩුගම දකුණ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පි.සි.ආර් පරික්ෂණ ප්‍රථිපල ලැබිමටත් පෙර මෙකි පුද්ගලයා නිරෝධායනනිතිරිති උල්ලංඝණය කරමින් පොලිසියේ විභාග වන පැමිණිල්ලක් සදහා ඊයේ (21) පොලිසියට පැමිණ ඇත. අසල්වැසි අයෙකු විසින් තමන්ට අපහාසකරන බවට මොහු පොලිසියට පැමිනිල්ලක් ඉදිරිපත්කොට තිබුණි. සුළු පැමිණිලි අංශයෙන් මෙම පැමිණිල්ල විභාගකොට ඇති අතර දෙපාර්ශවයේම අය මේ ගැන සැහිමකට පත්නොවීම නිසා පැමිණිල්ල විභාභ කිරිම සදහා උඩුගම පොලිස් වෙත යොමුකොට ඇත. ස්ථානාධිපතිවරයා මෙකි පැමිණිල්ල විභාගකොට පොලිස් ස්ථානයෙන් පිටත්ව ගොස් ඇති අතර ටික වේලාවකට පසු මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා විසින් මෙකි පුද්ගලයාට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට වාර්තා වි ඇති බව සදහන් කොට ඇත. ඒ අනුව පොලිස් ස්ථානාධිපතිවරයා හා පොලිස් සැරයන්වරයකු හා කොස්තාපල්වරයකු නිරෝධායනයට යොමුකරණු ලැබිය. එච්.එම් සමන් - අක්මීමන
 

More News..