brand logo

නිරෝධායන නීති කඩමින් බොරැල්ල ආයුර්වේදයට හේතුවකින් තොරව සේවකයන් ගෙන්වලා

02 June 2020

නිරෝධායන පනත උල්ලංඝනය කරමින් බොරැල්ල ආයුර්වේද ශික්ෂණ රෝහලට සේවා අවශ්‍යතාවකින් තොරව සේවකයන් කැඳවන බව සමස්ත ලංකා රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උප සභාපති චමල් ආර්. කුලතිලක පවසයි. උප සභාපතිවරයා පෙන්වා දෙන්නේ දෛනිකව රෝහලට රෝගීන් 250ක් පමණ පැමිණෙන බැවින් ඔවුන්ට ප්‍රතිකාර කිරීම සඳහා වෛද්‍යවරුන් 15 දෙනකු පමණ ප්‍රමාණවත් බවයි. එලෙස නොකර සමස්ත කාර්ය මණ්ඩලයම කැඳවා ඇති බැවින් රෝහලේ විශාල තදබදයක් ඇති වන බවද උප සභාපතිවරයා සඳහන් කළේය. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් රෝහල් අධ්‍යක්ෂිකා සුපිපි සංඝමිත්තා යාපාගෙන් අප කළ විමසීමක දී ඇය කියා සිටියේ රෝහලේ සුළු සේවක පිරිසක් සිටින බැවින් ඔවුන් සියලුම දෙනා පැමිණිය යුතු බවයි. එම සේවක පිරිසෙන් තුනෙන් එකක පිරිසක් පැමිණියහොත් රෝහල් ප්‍රතිකාර කටයුතු අඩාළ වන බවද අධ්‍යක්ෂවරිය සඳහන් කළාය.   චාමර පල්ලේගෙදර
 

More News..