brand logo

නිරෝධායන නීතිවලට පටහැනිව වල දැමූ මිනියට කොවිඩ් දැයි සැකයක්

09 December 2020

මහයියාව ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතව ඊයේ (08) මියගිය හැටතුන් හැවිරිදි කාන්තාවකගේ සැමියා මෙයට සතියකට පමණ පෙර මිය ගොස් තිබෙන අතර ඔහුගේ මරණය නිරෝධායන නීතිවලට පටහැනිව වලදැමිමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර රෝහලේ හදිසි මරණ පරික්ෂකවරයාගේ දැනුම් දිම මත පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. මහයියාව දම්මධස්සි මාවතේ පදිංචිව සිට පසුගිය 28වනදා මිය ගිය ඔහුගේ මළසිරුර ග්‍රාම නිළධාරි දැනුවත්ව සාමාන්‍ය මළසිරුරක් භූමදානය කරන අන්දමට මහයියාව පොදු සුසාන භූමියේදි භූමදානය කර තිබෙන අතර එම පුද්ගලයාගේ බිරිද ඊයේ මරණයට පත්වීමෙන් පසුව ඇයට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙන බව පී.සී.ආර් පරික්ෂණ මගින් තහවුරු වී ඇත. ඇගේ සැමියා නිරෝධායන නීතිවලට පටහැනිව වළදමා තිබෙන බව අනාවරණය වි තිබෙන්නේ කාන්තාවගේ මරණ පරික්ෂණයේදි සිදුකළ සාක්ෂි විමසිමේදිය. සිද්ධිය හෙලිවීමෙන් පසු මහනුවර ජාතික රෝහලේ මරණ පරික්ෂකවරයා පැවසුවේ , මිය ගිය කාන්තාව කොවිඩ් ආසාදිත බැවින් , ඇයගේ සැමියාටද වෛරසය ආසාදනය වි තිබෙන්නට ඇති බවට සැක කල හැකි බැවින් . නිරෝධායන නීතියට අනුව පුද්ගලයකු මිය ගිය විට මහජන පරික්ෂක දැනුම්වත් කර අවසන් කටයුතු සිදු කල යුතු වුවත් මෙහිදි එවැන්නක් සිදුව නැති බව පවසන හදිසි මරණ පරික්ෂකවරයා සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරික්ෂණයක් සිදු කල යුතු බව පවසා සිටියි. මරණයක් සිදුවන ඕනෑම අවස්ථාවක කටයුතු කල යුතු අන්දම පිළිබදව දැනුම් දි තිබියදි සිදුව ඇත්තේ කුමක්ද යන්න වහා සොයා බලන බවත් මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ සමග සාකච්ඡා කොට අදාල සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරික්ෂණයක් සිදු කරන බව මහනුවර පොලිසියේ මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක තුසිත හලංගොඩ මහතා පැවසීය. භාරත මෙන්ඩිස්
 

More News..