brand logo

නිරෝධායන නිවෙස් වල කසල බැහැර කරන ක්‍රමවේදය

15 November 2020

කොවිඩ් ආසාදිත රෝගීන් හමුවූ නිවාස වල බැහැර කරන අපද්‍රව්‍ය කරදියන කසල අංගනයට මුදා හැරීම සඳහා සතියේ සඳුදා අඟහරුවාදා දින දෙක වෙන් කර තිබේ ඒ බව බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ අධ්‍යක්ෂක නලින් මාන්නප්පෙරුම මහතා අද (15) සඳහන් කරනු ලැබුවා. සායනික අපද්‍රව්‍ය කහ පැහැති මලුවල බහා ජීවානුහරණය කර ඒ සඳහා වෙන්කළ රථයක රැගෙන ආ යුතු බව ද අධ්‍යක්ෂකවරයා සඳහන් කරනු ලැබුවා. තවද මෙම පියවර ගෙන ඇත්තේ කසළ අංගනයේ සේවය සඳහා යොදවා ඇති ප්ලාස්ටික් වෙන් කිරීමේ කාර්යයන්වල නිරත වන සේවික සේවිකාවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සඳහා බවද වැඩි දුරටත් පැවසීය. එසේම නිවෙස් තුලින් බැහැර බැහැර කරන මාස්ක්, ග්ලවුස්, සෙම් සොටු සහිත පේපර් සර්වියට් වැනි සායනික කසල ගැනීමේදී ජීවානුහරණය කර ගැනීමට කටයුතු කළ යුතු යැයි පළාත් පාලන ආයතන වලට දැනුම් දී ඇති බව සඳහන් කරනවා. මේ බව දන්වා බස්නාහිර පළාත තුල ඇති පළාත් පාලන ආයතන හතලිස් නවයටම උපදෙස් පත්‍රිකා බෙදා හැර ඇති බව ද සඳහන් කළා නිරෝධනය වන නිවෙස් වල කසල එම නිවාස වලදීම පුළුස්සා විනාශ කර දමන්නේ නම් වඩාත් යෝග්‍ය බවද වැඩි දුරටත් සඳහන් කරනවා. තවද කසළ කළමනාකරණයේ යොදවා ඇති සේවක සේවිකාවන්ගේ ආරක්ෂාව උදෙසා රුපියල් මිලියන තුනක ආරක්ෂිත ඇඳුම්,අත් වැසුම්,පා ආවරණ ජීවානුහරණ දියර ලබාදීමට කටයුතු කර ඇති බව පැවසෙනවා.
 

More News..