brand logo

නිරෝධායනය වෙමින් සිටි සේවකයා බලෙන් සේවයට කැඳවා ත්‍රි'මලේ රෝහල කොවිඩ් බෝකරගත් හැටි

11 November 2020

  ත්‍රිකුණාමලය මහා රෝහලේ සේවය කළ සුළු සේවකයකු ඔක්තෝබර් මස 24 වන දින නිවාඩු සඳහා වාලච්චේන ප්‍රදේශයේ ඔහුගේ ගම් ප්‍රදේශයට ගොස් ඇත. ඒ අවස්ථාවේදී වාලච්චේන ප්‍රදේශයේ කොවිඩ් 19 ආසාධිතයන් හමුවීමත් සමගම 26 වන දින සිට වාලච්චේන ප්‍රදේශය හුදකලා ප්‍රදේශයක් කළ බව ඔහු සඳහන් කරයි. එබැවින් වාලච්චේන ප්‍රදේශයෙන් පිට වීමට ඔහුට අවසර නොදුන් නිසා ඔහුට නැවත සේවයට පැමිණීමට නොහැකි වී ඇත. ඔහු විසින් දුරකතන ඇමතුම් දෙකක් ගෙන ත්‍රිකුණාමල මහ රෝහලට මේ පිළිබඳව දැනුම් දී ඇත. එම අවස්ථාවේදී ත්‍රිකුණාමලය මහ රෝහලේ පරිපාලන නිලධාරියා විසින් කෙසේ හෝ ත්‍රිකුණාමලය රෝහලට පැමිණ රැකියාවට වාර්තා කරන ලෙසත් එසේ නොපැමිණියහොත් සේවය අතහැර ගියා සේ සලකන බවත් පඩි රහිත නිවාඩු ලබා දෙන බවත් ඔහුට පවසා ඇත. එබැවින් ඔහු යතුරුපැදියකින් වාලච්චේන ප්‍රදේශයේ සිට ත්‍රිකුණාමලය මහ රෝහල වෙත මෙම මස 7 වන දින සේවයට වාර්තා කර ඇත. ත්‍රිකුණාමලය මහ රෝහලේ දින දෙකක් සේවය කිරීමෙන් අනතුරුව කරන ලද පරීක්ෂණයකින් මොහු කොවිඩ් 19 ආසාදිතයකු ලෙස ඊයේ සවස හඳුනාගෙන ඇත. ඊයේ දිනයේ දී මොහු ඊචලම්පත්තුව කොවිඩ් 19 රෝගීන් රඳවා තබන ස්ථානයට පිටත් කර යවන ලදී. ඔහු පැමිණි පසු පසුගිය 26 වන දින සිට හත්වන දින දක්වා දින 14 ක කාලය මොහුගෙන් වැටුප් කපා ගන්නා ලෙස අදාළ අංශ දැනුවත් කර ඇත. ඔහු පවසා සිටින්නේ තමා වාලච්චේන ප්‍රදේශයේ නිරෝධායනය වූ බැවින් මෙහි නොපැමිණීමට වූ බවය. රෝහල් පරිපාලනය මගින් රාජ්ය බුද්ධි අංශයට මේ සම්බන්ධව තොරතුරු ලබා දීම පවා ප්‍රතික්ෂේප කර ඇත. https://soundcloud.com/aruna-lk/voice-cut
 

More News..