brand logo

නිරෝධායනය අවසන් කළ පිරිස් නිවෙස් වෙත යැවේ

31 July 2020

යුද හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානවල දී නිරෝධායනය අවසන් කළ පුද්ගලයින් 217 දෙනෙකු අද (31) නිවෙස් බලා පිටත්ව යාමට නියමිතව තිබේ. කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ කහගොල්ල, දියතලාව, හේකිත්ත සහ විජයබාහු පාබල රෙජිමේන්තුව පිහිටි නිරෝධායන මධ්‍යස්ථානවල සිටි පිරිසක් මෙලෙස පිටව ගොස් ඇති බවයි. ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරන නිරෝධායන මධ්‍යස්ථානවල තවදුරටත් පුද්ගලයින් 2100 දෙනෙකු නිරෝධායනයට ලක් කර සිටී.
 

More News..