brand logo

නිරෝධායනය අවසන් කර ගෙදර යන අතර මහ පාරේ මිය ගිහින්

06 November 2020

නිරෝධායනය අවසන් කර නිවස බලා යමින් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් පුත්තලම ප්‍රදේශයේ මාර්ගයක තිබී හමුවී ඇති බව පුත්තලම පොලිසිය පවසයි. මෙලෙස මිය ගොස් ඇත්තේ පුත්තලම සේවා මාවත පදිංචිව සිටි ධර්මලිංගම් වසන්දන් නැමැති අවු:55ක් පුද්ගලයෙකි. මෙම පුද්ගලයා හෙට්ටිපොල ප්‍රදේශයේ ආපන ශාලාවක සේවය කරමින් සිට ඇත. එම හෝටලයට පැමිණ ගිය අයෙකු කොරෝනා ආසාධිතයෙකු බවට තහවුරු වීමෙන් අනතුරුව එහි සේවය කළ සියළුම දෙනා එම හෝටලය තුළම නිරෝධායනය සඳහා යොමු කර ඇත. මෙම පුද්ගලයා නිරෝධායන කාලය පෙරේදා (4) අවසන් කර ඊයේ (5) සිය නිවස බලා පිටත්ව ගොස් තිබේ. එලෙස පැමිණෙන අතරතුර ඔහු මෙලෙස මියගොස් ඇත. මෘත දේහය පී.සී.ආර්. පරීක්ෂණයක් සඳහා භාජනය කර ඇති අතර එහි ප්‍රතිඵල ලැබීමට නියමිත බව වාර්තා වේ. පුත්තලම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.
 

More News..