brand logo

නිරෝධායනයෙන් යන තරැණයා ගිලන් රියෙන් බස්සා අරක්කු ගේන්න යවලා

15 November 2020

විදෙස් රටක සිට පැමිණ නිරෝධායනයට ලක්වී නිවාස බලා යමින් සිටි පුද්ගලයෙකුගෙන් මත්පැන් බෝතලයක් ලබාගත් බව කියන කුලියාපිටිය රෝහලේ ගිලන්රථ රියදුරෙකු සම්බන්ධව කුලියාපිටිය වෛද්‍ය අධිකාරී කාර්යාලය විමර්ශනයක් ආරම්භ කර ඇත. චෝදනාවට ලක්වන ගිලන්රථ රියදුරා විසින් සහායකට පවසා ඇත්තේ ගිලන් රථයේ සිටින පුද්ගලයාගෙන් මත්පැන් බෝතලයක් ලබාගන්නා ලෙසටයි එයට අකමැතිවූ සහායක' ඔහුගේ අකමැත්ත ප්‍රකාශකර ඇත. අනතරුව වරකාපොල ප්‍රදේශයේ මත්පැන් අලෙවි සැලක් අසල ගිලන්රථය නවත්වා නිරෝධායනයට ලක්වූ පුද්ගලයාට පවසා ඇත්තේ මත්පැන් මිලදීගෙන එන ලෙසටයි. නිරෝධායනයට ලක්වී අවසන් වුවද නිවසට ගොස් ද දින 14ක කාලයක් ස්වයං නිරෝධායනයට ලක්වීමට උපදෙස් දෙන මෙවැනි අවධියක මෙවැනි දේ සිදුකිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බව රෝහල් සේවකයින් පවසයි. තවත් අල්ලස් ගැනීම් කිහිපයක්ද වාර්තාවී ඇති බවද කුලියාපිටිය රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. මේ පිළිබඳව කුලියාපිටිය වෛද්‍ය අධිකාරී වෛද්‍ය ප්‍රභාත් වේරවත්ත ගෙන් විමසා සිටි අවස්ථාවේ දී ප්‍රකාශ කලේ විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් විධිමත් පරීක්ෂණයක් සිදුකරන බවයි. https://soundcloud.com/aruna-lk/eju0gmjsn3nr
 

More News..