brand logo

නිරෝධායනයවෙමින් සිටි නාවික සෙබලු 05කට කොවිඩ්

05 December 2020

දක්ෂින නාවික කදවුරේ ප්‍රවාහන අංශයේ නිරෝධායනය වෙමින් සිටි සිටි නාවික සෙබලුන් 05 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි. මිට පෙර මෙකි කදවුරේ ප්‍රවාශන අංශයේ දි කොරෝනා වෛරසය ආසාදනය වු නාවික සෙබලාගේ පළමුපෙළ ආශ්‍රිතයින් 85 දෙනෙකු පි.සි.ආර් පරික්ෂණයට ලක්කළ බවත් අද (05)අළුයම ලැබුණු පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව නාවික සෙබලුන් 05 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බවද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි. මෙකි නාවික සෙබලුන් 05 දෙනාගේ පළමුපෙළ ආශ්‍රිතයින් සොයා දින 14ක කාලයක් නිරෝධායනය කිරිමට කටයුතු කරණ බවද ඒ මහතා පවසයි. ආසාදිත නාවික සෙබලුන් 05 දෙනා හම්බන්තොට රෝහල වෙත පිටත්කර යැවිමට කටයුතු කරඇති බවද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි. මිටපෙර කොරෝනා වෛරසය ආසාදනය වු නාවික සෙබලා දක්ෂිණ නාවික කදවුරේ ප්‍රවාහන අංශයට අනුයුක්තව සේවය කරණ කොස්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මොහු නිවාඩු ලබා නොවැම්බර් මස 19 වැනි දින රාජාකාරියට වාර්තා කොට ඇත. සේවයට වාර්තා කිරිමට පෙර මෙකි සෙබල දින 14ක් නිරොධායනයට ලක්කොට තිබු අතර ඉන්පසු ඔහු පසුගිය 27 වැනිදින සේවයට වාර්තා කොට ඇත. මොහුට ඇතිවු හිසේ කැක්කුමක් නිසා මෙකි සෙබලා පි.සි ආර් පරික්ෂණයට ලක්කොට ඇති අතර එහිදි ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇත. ඔහු මිට පෙර වෛද්‍ය ප්‍රථිකාර සදහා හම්බන්තොට රෝහල වෙත යොමුකරතිබුණි. එච් එම් සමන් - අක්මීමන
 

More News..