brand logo

නියෝජ්‍ය තිදෙනාත් රාජ්‍ය ඇමැතිවරු වෙති

29 November 2019

නියෝජ්‍ය ඇමැතිවරුන් ලෙස පෙරේදා (27 වැනිදා) දිවුරුම් දුන් කාංචන විජේසේකර, නිමල් ලන්සා සහ ඉන්දික අනුරුද්ධ යන මන්ත්‍රීවරුන් එම ධුරයන් අත්හැර එදිනම රාජ්‍ය ඇමැතිවරුන් ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ යළිත් දිවුරුම් දී ඇත. කාංචන විජේසේකර පළමුව දිවුරුම් දුන්නේ ධීවර සහ ජලජ සම්පත් නියෝජ්‍ය ඇමැති ලෙසය. පසුව ඔහු තේ කර්මාන්ත සංවර්ධන රාජ්‍ය ඇමැතිවරයා ලෙස දිවුරුම් දී ඇත. නිමල් ලන්සා පළමුව දිවුරුම් දුන්නේ ප්‍රජා සවිබල ගැන්වීම් හා වතු යටිතල පහසුකම් සංවර්ධන නියෝජ්‍ය ඇමැතිවරයා ලෙසිනි. ඔහු යළි ප්‍රජා සවිබල ගැන්වීම් රාජ්‍ය ඇමැතිවරයා ලෙස දිවුරුම් දී ඇත. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය ඇමැතිවරයා ලෙස පළමුව දිවුරුම් දුන් ඉන්දික අනුරුද්ධ පසුව දිවුරුම් දී ඇත්තේ නිවාස රාජ්‍ය ඇමැතිවරයා ලෙසිනි.
 

More News..