brand logo

නියඟය හේතුවෙන් උතුරු පළාතේ පවුල් 67,578ක් පීඩාවට පත්වෙයි

19 August 2019

පවතින නියඟය හේතුවෙන් උතුරු පළාත තුළ පවුල් 67578 කට අයත් පුද්ගලයින් 228445 ක පිරිසක් පීඩාවට පත්ව ඇති බව උතුරු පළාතේ දිස්ත්‍රික් ආපදා කළමණාකරන මධ්‍යස්ථාන නිළධාරීන් පවසති. නියඟය හේතුවෙන් කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ පවුල් 8839 කට අයත් පුද්ගලයින් 30970 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය 18 ‍වැනිදා නිකුත් කළ දත්ත වාර්තාව අනුව සදහන් කරති. නියඟය හේතුවෙන් පීඩාවට පත්ව සිටින උතුරු පළාතේ ජනතාව සම්බන්ධයෙන් විස්තර පහත පරිදි වේ. නියඟය හමුවේ පානීය ජලය සපයා ගැනීමට නොහැකිව පීඩාවට ලක්ව සිටින කිලිනොච්චිය දිස්ත්‍රික් ජනතාව වෙත පානීය ජලය සපයාදීමේ වැඩසටහනක් කිලිනොච්චිය ආරක්ෂක සේනා නිළධාරීන් විසින් ආරම්භ කොට ඇත. කිලිනොච්චිය,උමයපුරම් ප්‍රදේශයේ ජනතාව පානීය ජලය සපයා ගැනීමේ දැඩි අපහසුතාවයට ලක්ව සිටින අතර, සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජේ.වි.රවිප්‍රිය මහතාගේ උපදෙස් පරිදි ප්‍රදේශයේ ජනතාව වෙත කිලිනොච්චිය යුධ හමුදා නිළධාරීන් පානීය ජලය සපයාදීම සිදුකරනු ලැබීය. කිලිනොච්චිය යුධ හමුදා නිළධාරීන් පානීය ජල ගැටළුවට මුහුණ දී සිටින ජනතාව වෙත යුධ හමුදා ජල බවුසර යොදාගෙන පානීය ජලය සපයාදීම සිදුකළහ. වවුනියාව - මාධව කුලසූරිය
 

More News..