brand logo

නිමි ඇඳුම් අලෙවි සැලක සෝපානයක් කඩා වැටී දෙදෙනෙක් මරුට

16 October 2020

මහනුවර ධර්මාශෝක මාවතේ පිහිටි නිමි ඇඳුම් අලෙවි සැලක තාවකාලික විදුලි සෝපානයක් කඩා වැටීමෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. එම ගොඩනැගිල්ලේ අළුත්වැඩියා කටයුතු කරමින් සිටි පෙදරේරුවරු දෙදෙනෙක් මෙලෙස මියගොස් ඇත. ඒ වනවිට මොවුන් කිසියම් නඩත්තු කටයුත්තක් සිදුකරමින් සිට ඇති බව පැවසේ. මෙලෙස අනතුරට පත්ව මියගොස් ඇත්තේ මහනුවර ඔගස්ටාවත්ත ප්‍රදේශයේ පදිංචි අම්බලන්ගොඩ ගුරුගෙදර අරවින්ද අවුරුදු 54 හැවිරිදි පුද්ගලයෙක් හා කටුගස්තොට, උඩුවාවල ප්‍රදේශයේ පදිංචි උපාලි ජයරත්න නැමති 57 හැවිරිදි පුද්ගලයෙක් බව තොරතුරු අනාවරණය කර ගෙන ඇත. මේ සම්බන්ධයෙන් මහනුවර මුලස්ථාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
 

More News..