brand logo

නිමල් ලන්සා සිය ධූරයේ වැඩ අරඹයි

14 August 2020

ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස නිමල් ලන්සා මහතා බත්තරමුල්ල, මග නැගුම මහ මැදුරේදී අද(14) සිය රාජකාරි කටයුතු ආරම්භ කළේය. මෙම අවස්ථාවට මහාමාර්ග කැබිනට් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් වන සුසන්ත පුංචිනිලමේ, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ, මහාමාර්ග අමාත්‍යාංශ ලේකම් ආර්.ඩබ්ලිව්.ආර්. ප්‍රේමසිරි, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති චමින්ද අතුලුවගේ යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.
 

More News..