brand logo

නිදහස් පොදුජන සන්ධානය බැසිල් එනතුරු බලා සිටී

22 January 2020

ඉදිරි මහමැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය තරග කරන ලාංඡනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මෙරටට පැමිණි පසු සාකච්ඡා කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්, කර්මාන්ත රාජ්ය ඇමැති දයාසිරි ජයසේකර පැවසීය. ඊට පෙර ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය ලියාපදිංචි කිරීමේ කටයුතු කරන බවත් මහ ලේකම්වරයා කීවේය. කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ (21 වැනිදා) පැවති මාධ්ය හමුවේ දී මේ බව සඳහන් කළ ඒ මහතා ශ්රී ලංකා නිදහස් පොදුජන සන්ධානය ලියාපදිංචි කරන්නේ 1994 දී පිහිටුවන ලද පොදුජන පෙරමුණ වෙනුවට බවත් ඉන්පසු එම පක්ෂ දෙකේ ව්යවස්ථා එකිනෙකට බද්ධකර ශ්රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ව්යවස්ථාව සකස් කරන බවත් කීවේය. මේ වන විට අවශ්ය වන්නේ සන්ධානය ලියාපදිංචි කිරීමයි. ඉන්පසු ලාංඡනය පිළිබඳ සාකච්ඡා කර එකඟතාවකට පැමිණිය හැකියි. සන්ධානයෙන් නාමයෝජනා ලබා දීමේ දී සියයට තිහක ප්රතිශතයක් ශ්රී ලංකා නිදහස් පක්ෂයට හිමිවන බවට එකඟතාවක් තිබෙනවා. ඒ නිසා ඒ අනුව කටයුතු කරනු ඇති බවට විශ්වාස කරන බව ද ඔහු සඳහන් කළේය. නිලන්ත මදුරාවල
 

More News..