brand logo

නිදහස් පක්ෂයේ 16ක් සජිත්ගේ වේදිකාවේ

15 October 2019

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතා නියෝජිතයන් 16 දෙනකු එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සමඟ ඊයේ(14) දින පැල්මඩුල්ල ජනහමුවේ දී එක්වි ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රත්නපුර දිස්ත්‍රික් සංගමයේ ලේකම්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රත්නපුර දිස්ත්‍රික් සංගමයේ සභාපති , ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රත්නපුර දිස්ත්‍රික් සංගමයේ භාණ්ඩාගාරික, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රත්නපුර දිස්ත්‍රික් උප සභාපති ඇතුළු පිරිස සජිත් ප්‍රේමදාස මහතා සමඟ එකතු වී ඇත. පැල්මඩුල්ල සහ ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ද ඊයේ පැල්මඩුල්ලේ පවතී ජනහමුවේදී සජිත් ප්‍රේමදාස මහතා සමඟ වේදිකාවේදී එක් වී ඇත.
 

More News..