brand logo

නිදහස් පක්ෂය නව ආසන සහ දිස්ත්‍රික් සංවිධායකවරු 17ක් පත් කරයි

11 June 2019

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව ආසන සහ දිස්ත්‍රික් සංවිධායකවරු 17 දෙනෙකු පත් කර ඇත. නව සංවිධායකවරුන් අද (10) පෙරවරුවේ ජනාධිපතිවරයා අතින් සිය පත්වීම් ලිපි ලබාගෙන ඇති අතර ජනාධිපති කාර්යාලයේදී එම පත්වීම් ලිපි ප්‍රදානය සිදුකළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රතිසංවිධානය කිරිමේ වැඩපිළිවෙළ යටතේ ආසන සංවිධායක සහ දිස්ත්‍රික් සංවිධායක ධූර යථාවත් කරමින් එම පත් වීම් ලබා දී ඇත. කැස්බෑව ආසන සංවිධායක ලෙස පත් කර ඇත්තේ ජීවන් කුමාරණතුංග මහතාය.ගම්පහ, ජා-ඇල මැතිවරණ බල ප්‍රදේශයේ සංවිධායක ලෙස නාමල් සුරංග මහතා, මීගමුව ආසන සංවිධානයක ලෙස ලලිත් ටෙන්සිල් මහතා, හොරණ ආසන සංවිධායක ලෙස රවීන්ද්‍ර ශ්‍රී සුරංග මහතා, බේරුවල ආසන සංවිධායක ලෙස සුගත් මතුගමගේ මහතා පත් කර ඇති අතර කළුතර දිස්ත්‍රික් ආසන සංවිධායක ලෙස සාලිය ගුණසිංහ මහතා පත් කර ඇත. එමෙන්ම මහනුවර, පාතදුම්බර ආසන සම සංවිධායක ලෙස පත් කර ඇත්තේ, එච් ප්‍රියන්ත පුෂ්පකුමාර මහතායි.උඩදුම්බර ආසන සම සංවිධායකවරයා ලෙස අනුරුද්ධ පාලිත බණ්ඩාර මහතාද එයට අමතරව රත්නපුර දිස්ත්‍රික් සංවිධායකවරයා ලෙස කනිෂ්ඨ අවිනාශ් රත්නසේකර මහතාද පත් කර ඇති අතර ත්‍රීකුණාමල දිස්ත්‍රික්කයේ වේරුගල් බල ප්‍රදේශය භාර සංවිධායක ලෙස කනගසුරියම් උදය කුමාර් මහතා පත් කර ඇත. කප්පල්තුරේ බල ප්‍රදේශය, ත්‍රිකුණාමලය නගර සභා බල ප්‍රදේශය සහ තඹගලමුව ප්‍රාදේශීය බල සභා ප්‍රදේශ සඳහා සංවිධායකවරුන් ද අද ජනාධිපතිවරයා අතින් සිය පත් වීම් ලබා ගත් බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේය.
 

More News..