brand logo

නිදහස් පක්ෂයේ සිට ආණ්ඩුවට සහයෝගය පළ කරන මන්ත්‍රීවරුන් 05කට ආසන සංවිධායකධුර

20 June 2019

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිට ආණ්ඩුවට සහයෝගය පළ කරන මන්ත්‍රීවරුන් 05කට ආසන සංවිධායක ධූර ලබා දීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය ඊයේ (19) තීරණය කර ඇත. ඔවුන් ආණ්ඩුව ගෙන යාමට සහයෝගය පළ කරමින් සිදු කරන විශාල කැපවිම සළකා බලා මෙම තීරණයට එළැඹ ඇති අතර එහිදි පක්ෂයේ ඉදිරි සංවිධාන කටයුතු පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ජා වි‍ ඇත. ශ්‍රි.ල.නි.පයේ සිට පක්ෂයට සහයෝගය ලබා දෙන අයට ප්‍රමුඛත්වය ලබා දිය යුතු බවට වන යෝජනාව ස්ථිර වී තිබේ. අලුතින් පත් කළ යුතු අනෙකුත් ආසන සංවිධායකවරුන් පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීමට පක්ෂයේ නායක, සභාපති සහ මහලේකම්ට පැවරී ඇති අතර බිම් මට්ටමින් පක්ෂයේ සංවිධාන කටයුතු ජුලි මස අග වන විට අවසන් කිරීමටත් පියවර ගන්නා ලෙස සියලුම සංවිධායකවරුන්ට දැනුම් දීමටත් තීරණය කර ඇත. කෘත්‍යාධිකාරී මණ්ඩලය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එජාප මුලස්ථානය වන සිරිකොතදී පැවැත් වී ඇත.
 

More News..