brand logo

නිදහස් පක්ෂයේ සම්මේලනය කල්යයි

17 August 2018

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ 67වන සම්මේලනය ලබන සැත්තැම්බර් මාසය තුළ පවත්වා අවසන් කරන බව එම පක්ෂයේ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා අරුණට පෑවසීය. ආසන බල මණ්ඩල පිහිටුවා අවසන් වු පසු පක්ෂ සම්මේලනය පවත්වන බවද ඒ මහතා සදහන් කළේය. මේ වන විට තරුණ සම්මේලනයල කාන්තා සම්මේලනය සහ ආසන බල මණ්ඩල 120කට ආසන්න ප්‍රමාණයක් පවත්වා අවසන් කර තිබේ. කෙසේ වෙතත් සම්මේලනය පැවැත්වීමට මුලින් සැලසුම්කර තිබු සැත්තැම්බර් 02 දින විශේෂ ආගමික වැඩසටහන් පැවැත්විමට තිරණය කර ඇති බව ද මහලේකම්වරයා වැඩිදුරටත් සදහන් කළේය.
 

More News..