brand logo

නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමක් අද ජනාධිපති කර්යාලයේදී

13 January 2019

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. අද පස්වරු 4.00ට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කර්යාලයේදී මෙම රැස්වීම පැවැත්වීමට නියමිතයි. මේ සඳහා පළාත් 4 ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ආසන සහ දිස්ත්‍රික් සංවිධායකවරුන් වෙත කැඳවීම් කර ඇති බවයි නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේ. ඒ අනුව දකුණ, උතුරු මැද , ඌව සහ මධ්‍යම යන පළාත්වල ආසන සහ දිස්ත්‍රික් සංවිධායකවරුන්ට ආරාධනා කර ඇති බව මහලේකම්වරයා සඳහන් කළා. මෙහිදී පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩපිළිවළ සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට නියමිතව තිබෙනවා.
 

More News..