brand logo

නිදහස් පක්ෂයට වැඩ බලන සභාපතිවරයෙක්

09 October 2019

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පත් කර ඇත. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඊයේ (08) දිනයේ එම පත් කිරීම සිදු කළ බව පක්ෂ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. එම පක්ෂයේ ඉදිරි කටයුතු මෙහෙයවීම සඳහා 15 දෙනෙකුගෙන් සමන්විත දේශපාලන මණ්ඩලයක් පත් කළ බව ඔහු ප්‍රකාශ කළේය.
 

More News..