brand logo

නිදහස් දිනය කළු කොඩි දිනයක් ලෙස සැමරීමට සැරසෙයි

29 January 2021

එළැඹෙන 4 වැනිදා ජාතික නිදහස් දිනය කළු කොඩි දිනයක් ලෙස සැමරීමට උතුරු නැගෙනහිර පළාත් සිවිල් සංවිධාන තීරණය කර ඇති බව වාර්තා වේ. රාජ්‍ය ආයතන යොදා ගනිමින් උතුරු නැගෙනහිර පළාත්වල ඉඩම් ආක්‍රමණය කරන බවට ආණ්ඩුවට චෝදනා කරමින් හා මෙරට දෙමළ ජනතාවට එරෙහිව සිදුවන බව කියන මර්දනයන්ට එරෙහිව එය විරෝධතා ව්‍යාපාරයක් වශයෙන් ලබන 3 වැනිදා ආරම්භ කරන අතර ලබන 6 වැනිදා දක්වා පැවැත්වීමට එම සිවිල් සංවිධාන තීරණය කර ඇත. මෙම විරෝධතා ව්‍යාපාරයට උතුරු නැගෙනහිර පළාත් වල දෙමළ දේශපාලන පක්ෂ බොහෝමයක් දැනටමත් සහාය පළ කර ඇති බව වාර්තා වන අතර දෙමළ ජාතික සන්ධානයේ පුර්ණ සහයෝගය මෙම විරෝධතාවයට ලබා දෙන බව ප්‍රකාශ කරයි. ආණ්ඩුව උතුරු නැගෙනහිර පළාත්වල පාරම්පරික ජුජනීය ස්ථානය 200 ක් පමණ රජය සතු කර ගැනීමේ උත්සහායක නිරත වන බව එම් . ඒ සුමන්තිරන් මහතා ප්‍රකාශ කරන අතර ආණ්ඩුව විසින් සිදු කරනු ලබන මානව හිමිකම් කඩකිරීම් ලෝකයට හෙළිදරව් කළ යුතුව ඇතැයි ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
 

More News..