brand logo

නිදහස් දිනයට යාපනය විශ්ව විද්‍යාලයේ විරුද්ධත්වය

04 February 2020

නිදහස් දිනයට විරුද්ධත්වය පළ කරමින් යාපනය විශ්ව විද්‍යාල පරිශ්‍රයේදී අද(04) කළු කොඩි ඔසවා විරෝධතාවය ප්‍රදර්ශනය කොට තිබිණ. යාපනය විශ්ව විද්‍යාල සිසුන් පැවසූවේ උතුරු නැගෙනහිර ඉඩම් නිදහස් නොකිරීම,දේශපාලන සිරකරුවන් නිදහස් නොකිරීම ඇතුළු උතුරු නැගෙනහිර ජනතාව වෙනුවෙන් රජය ලබාදුන් පොරොන්දු ඉටු නොකර රජය නිදහස් දින සැමරුමක් පැවැත්වීමට තමන් විරුද්ධ වන බවයි. 72 වන නිදහස් දින සැමරුම සම්බන්ධයෙන් උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන් මහතාගෙන් දුරකථනයෙන් සිදුකළ විමසීමේදී විග්නේශ්වරන් මහතා පැවසූවේ ජාතික නිදහස් දින ජාතික වැඩසටහනේදී ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීමට අවස්ථාවක් නොමැති බව පැවසීම හරහා දෙමළ ජනතාවට තවමත් නිදහස නොලැබි ඇති බව තහවුරු වන බවයි. දෙමළ දේශපාලන සිරකරුන් නිදහස් නොකිරීම,දෙමළ ජනතාවගේ ඉල්ලීම් ඉටු නොකිරීම,උතුරු නැගෙනහිර අනවශ්‍ය හමුදා කදවුරු ඉවත් නොකිරීම ආදි ගැටළු රැසක් වෙනුවෙන් රජය පිළිතුරු ලබානොදි ඇති අවස්ථාවක 72 වැ නි නිදහස් දින සැමරුම් වැඩසටහන් පැවැත්වීම තමන් අනුමත නොකරන බවද හෙතෙම පැවසුවේය. රජය‍ දෙමළ ජනතාවගේ නිජභුමිය තුළ මහවැලි සංවර්ධන වැඩසටහන් යනුවෙන් ව්‍යාපෘතියක් මගින් උතුරු නැගෙනහිර සිංහල ජනාවාස ඉදිකරමින් පවතින අතර,ඒ තුළින් දෙමළ ජනතාවට තමන්ගේ නිජ භූමිය තුළ නිදහ‍සේ ජිවත්වීමේ අයිතිය පවා උදුරාගනිමින් සිටින බවද හිටපු ප්‍රධාන අමාත්‍යවරයා සදහන් කළේය.   මාධව කුලසූරිය
 

More News..