brand logo

නිදහසට අපි නෑ මෛත්‍රි - ෆොන්සේකා කියති

04 February 2020

72 වැනි ජාතික නිදහස් දින උත්සවයට සහභාගී නොවන බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට ඊයේ (03 වැනිදා) පස්වරුවේ දැනුම් දී ඇත. හිටපු ජනාධිපතිවරයාට සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්ස්කාට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් ආරාධනා පත්‍ර යොමුකර තිබිණි. උත්සවය පැවැත්වෙන නිදහස් චතුරශ්‍රයේ ඉදිරි පෙළ අසුන් දෙකක් ඔවුන් දෙදෙනා වෙනුවෙන් වෙන් කර තිබිණි. සංවිධායක මණ්ඩලය ප්‍රකාශ කළේ එම අසුන් දෙක ඉවත් කිරීමට පියවර ගත් බවයි. උදයජීව ඒකනායක
 

More News..