brand logo

නිකිණි පුර පසළොස්වක පොහෝ දිනය අදයි

14 August 2019

නිකිණි පුර පසළොස්වක පොහෝ දිනය අදට යෙදී තිබේ. බෞද්ධ ඉතිහාසයේ විශේෂිත සිදුවීම් කිහිපයක් හේතුවෙන් මෙම නිකිණි පුර පසළොස්වක පොහෝ දිනය වැදගත් වී තිබේ. අජාසත් රජුගේ දායකත්වයෙන් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා රජගහ නුවරදී ප‍්‍රථම ධර්ම සංගායනාව පැවැත්වූ දිනය ලෙස ද මේ පොහෝ දිනය සැලකේ. ආනන්ද හිමියන් රහත් බාවයට පත්විම, බුදුන් වහන්සේගේ ලලාට ධාතුව නිදන් කර සේරුවිල චෛත්‍ය තැනීම ආරම්භ කිරිම, පෙරවස් මඟ හැර ගිය භික්ෂුන් වහන්සේලා පසුවස් සමාදන්විම නිකිණි පුර පලොස්වක පොහොය දිනක බවද ඉතිහාසයේ දක්වා තිබේ.
 

More News..