brand logo

නැවේ ගින්නෙන් වූ අලාභය තක්සේරු කිරීමට අනුකමිටු පහක්

23 June 2021

කොළඹ වරාය ආසන්නයේදී ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් වී ඇති අලාභය තක්සේරු කිරීම සඳහා අනුකමිටු පහක් පත්කර තිබේ.

රක්ෂණ අනුකමිටුව, නෛතික අනු කමිටුව, ධීවර අනු කමිටුව, පාරිසරික අනුකමිටුව, ආර්ථික අනුකමිටුව වශයෙන් මෙම කමිටු පත්කර තිබේ. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගිනිගැනීමෙන් වූ හානියට වන්දි ලබා ගැනීම සහ ඊට අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ සාකච්ඡාවක් ඊයේ පැවැති අතර එහිදී මෙම අනුකමිටු පත්කර තිබේ. අධිකරණ ඇමැති අලි සබ්රි, වරාය හා නාවික ඇමැති රෝහිත අබේගුණවර්ධන, ධීවර රාජ්‍ය ඇමැති කාංචන විජේසේකර, නාගරික සංවර්ධන රාජ්‍ය ඇමැති නාලක ගොඩහේවා, නීතිපති ඇතුළු රාජ්‍ය ආයතනවල ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් මෙම සාකච්ඡාව පැවත්විණි. එෆ්. අස්ලම්
 

More News..