brand logo

නැවේ ගින්නෙන් කැස්බෑවන්ට බලපෑම් එල්ල වූ හැටි මෙන්න

17 June 2021

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඇති වූ ගින්නෙන් කැස්බෑවන්ට බලපෑමක් ඇතිවූ බවට පැහැදිලි නිගමනයකට එළඹිය හැකි බව ජෛව සංරක්ෂණ සංගමයේ සභාපති ආචාර්ය ලලිත් ඒකනායක මහතා පෙන්වා දෙයි. චන්ද්‍රිකා තාක්ෂණය උපයෝගී කරගනිමින් සලකුණු කරන ලද කැස්බෑවන්ගේ ගමන් මාර්ගය තුළින් ඒ බව පැහැදිලි වෙන බව ඔහු පවසයි. කැස්බෑවෝ බිත්තර දාන්න එන උපරිම කාලය අප්‍රේල්, මැයි වන අතර කැස්බෑවන් සහ මේ නෞකාව අනතුර වෙච්ච් කාලය අතර සම්බන්ධතාවයක් පවතින බව ඔහු සඳහන් කරයි. කැස්බෑවන්ගේ මාර්ගය කොළඹ ආසන්න මුහුද හරහා වැටිලා තිබෙන අතර බිත්තර දාන්න ආපු කැස්බෑවන්ට මේ නෞකාවේ ගින්නෙන් යම් බලපෑමක් ඇති වූ බවට නිගමන කළ හැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
 

More News..