brand logo

නැවෙන් සිදුවුණු හානිය තව වසර 20ක් පවතීවි

11 June 2021

‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව ගිනි ගැනීම නිසා සිදු වූ පරිසර හානිය තවත් වසර 20ක් යනතෙක් පවතිනු ඇති බවත් නැවෙන් ඉන්ධන කාන්දුවක් සිදුවෙනවා දැයි සොයා බලා විමර්ශනය කිරීමට සමුද්‍රීය පරිසර අධිකාරියේ කණ්ඩායමක් නැව අසලට යවා ඇතැයි පරිසර ඇමැති මහින්ද අමරවීර කීවේය. [caption id="attachment_150552" align="aligncenter" width="517"] පරිසර ඇමැති මහින්ද අමරවීර[/caption]

නැව නිසා සිදු වූ පරිසර හානිය ඩොලර්වලින් ගණනය කර කිසිසේත්ම ඊට හිලව් කිරීමට නොහැකි බවද ඇමැතිවරයා පැවසීය.

 
භාණ්ඩ වර්ග 193ක් බහාලුම් 1486ක් බහා මෙම නැවේ ප්‍රවාහනය කරමින් තිබූ බවත්, මෙම භාණ්ඩ අතර ප්ලාස්ටික් පැලට් අඩංගු බහාලුම් විශාල ප්‍රමාණයක් අන්තර්ගතව තිබූ බවද, මෙරට ප්‍රධාන සමාගම් දෙකකට මාස දෙකකට අවශ්‍ය ප්ලාස්ටික් පැලට් නැවේ පැවති බවත් ඇමැතිවරයා පැවසීය. ප්ලාස්ටික් සහ පොලිතින් යොදාගෙන නිෂ්පාදන කටයුතු කරන සමාගම් 08ක් මෙරට තිබෙන බවත්, නැවේ ගින්නෙන් පසුව වෙරළට ගොඩ ගැසූ ප්ලාස්ටික් පැලට් බහාලුම් 40කට පමණ එකතු කර විනාශ කිරීමට ගබඩා කර ඇති බවත් ඔහු කීය. නැවෙන් සිදු වූ පරිසර හානිය නිසා මත්ස්‍ය සිරුරු මුහුදු රළ ඔස්සේ පාවී වෙරළට පැමිණෙන බවත්, මේ විනාශයට සම්බන්ධ සියලු දෙනාටම නීත්‍යනුකූලව දඬුවම් ලබා දිය යුතුව ඇතැයිද ඇමැතිවරයා පැවසුවේය. සාලිය කුමාර ගුණසේකර
 

More News..