brand logo

නැව් 5ක් ගුවන් යානා එනතෙක් බලා සිටී

23 December 2018

නාවික හමුදාව සතුව ඇති යාත්‍රා පහක (5) කුඩා ප්‍රමාණයේ හෙලිකොප්ටර් යානා දෙක බැගින් ගාල් කිරීමේ පහසුකම් ඇතත් මේ වන තෙක් එකදු යාත්‍රාවකටවත් එවැනි යානා මිලට ගැනීමට කටයුතු කර නොමැති බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් 2017 විගණන වාර්තාවේද සඳහන් කර ඇති අතර 2013 මැයි 13 වැනි දින එළඹුණු ගිවිසුමක් මත ඉන්දියානු ණය ක්‍රමය යටතේ ගත් යාත්‍රා දෙකේද එම පහසුකම් ඇතත් ඒ සඳහා යානා ලබා ගැනීමේ සැලසුමක් නොවුණු බව සඳහන් වේ. ශ්‍රී ලංකාවේ අනන්‍ය මුහුදු සීමාව දැනට වෙරළේ සිට සැතපුම් 200ක් වන අතර එය 750 දක්වා වැඩිකරන ලෙසට එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන්ද ඉල්ලා ඇත. ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටරයකින් නිරීක්ෂණය කළ හැක්කේ මුහුදු සැතපුම් 50ක් වන අතර ගුවන්යානා හෝ නිරීක්ෂණ යානයකින් මුහුදු සැතපුම් සියයක් දක්වා ගමන් කළ හැකිය. සැහැල්ලු ගුවන් යානාවකින් යුක්ත නාවික යාත්‍රාවකින් සැතපුම් සියයක් පමණ යාත්‍රා කොට එතැන් සිට ගුවන් යානයකින් තවත් මුහුදු සැතපුම් 50ක් පමණ නිරීක්ෂණය කළ හැකි තත්ත්වයක් තිබේ. දැනට නාවික හමුදාව සතු සාගර, සමුදුර, සයුර, සිඳුරළ, සයුරළ ආදී යාත්‍රා පහක මෙලෙස හෙලිකොප්ටර් ගාල් කිරීමේ පහසුකම් ඇත.
 

More News..