brand logo

නැව් දැවි තෙල් අවිධිමත්ව පරිසරයට මුදාහැරලා

03 April 2021

නැව් මගින් බැහැර කරන දැවීතෙල් අවිධිමත්ව පරිසරයට මුදාහැර තිබෙන සමාගම් කිහිපයකට එරෙහිව නීතිමය පියවර ගත් බව මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කරයි. මේ අනුව එම සමාගම් වලට එරෙහිව නඩු පැවරීමට මෙන්ම දඩ මුදල් නියම කිරීමට පියවර ගෙන ඇති බව මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල් හේමන්ත ජයසිංහ මහතා සඳහන් කර ඇත. දැවී තෙල් ප්‍රවාහනය සඳහා ආයතන 23කට බලය හිමිවී ඇති අතර ඉන් ආයතන දෙකක් ගබඩා කිරීමේ කටයුතු සිදුකරයි. නැව් මගින් ඉවත්වන දැවී තෙල් හේතුවෙන් පාරිසරික හානි මෙන්ම ජනතාවට විවිධ රෝගාබාධ ඇතිවීමේ තත්වයක් උද්ගත වියහැකි බවට පරිසරවේදීන් පෙන්වා දී ඇති අතර මේ සම්බන්ධයෙන් නියාමන වැඩපිළිවෙලක් සකසන ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් උපදෙස් ලබාදී තිබුණි.
 

More News..