brand logo

නැව් තටාකාංගණයේ කොවිඩ් ආසාදිත 05ක් සොයාගෙන

18 October 2020

  කොළඹ නැව් තටාකාංගණයේ සේවකයින් 05ක් කොවිඩ් අසාදිත බව යුද හමුදාපතිවරයා සඳහන් කරනවා. මීට පෙර මතුගම සිට කොළඹ බලා අධිවේගී මාර්ගයේ ධාවනය වූ බස් රථයේ සිටි ආසාදිතයෙකුගේ ආශ්‍රිතයින් ලෙස මෙම පිරිස හඳුනාගෙන ඇති බව යුද හමුදාපතිවරයා වැඩි දුරටත් සඳහන් කරනවා. මේ අතර මතුගම - කොළඹ අධිවේගී මාර්ගයේ ධාවනය වන තවත් බස් රථයක සේවකයෙකු ද ඊයේ හදුනාගත් නව ආසාදිතයින් අතරට අයත් වනවා. කහතුඩුව ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්තශාලා සේවකයෙකු ගාල්ල කරාපිටිය ප්‍රදේශයේ සහ මීට පෙර හඳුනාගත් ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙකු නව ආසාදිතයින් අතරට අයත්වන බව වැඩිදුරටත් අනාවරණය තිබේ. මේ වනවිට කොවිඩ් රෝගීන් 2026 දෙනෙකු රෝහල් 18ක නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරනවා.
 

More News..