brand logo

නැව්වලින් එන මගීන්ට රටට ඇතුළුවීමේ තහනමක්

03 March 2020

දිවයින පුරා පිහිටි සියලුම වරාය වෙත පැමිණෙන මගී ප්‍රවාහන නෞකාවල මගීන් රටට ඇතුළුවීම තහනම් කර තිබේ. සෞඛය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අද(03) උදෑසන සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව ශ්‍රී ලංකා වරාය අධිකාරියට දැනුම් දී ඇත. කෝවිඩ් -19 වෛරසය රටට ඇතුළුවීම වැළැක්වීම සඳහා මෙම පියවර ගන්නා බව ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.
නිරෝධායන සහ රෝග වැළැක්වීමේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට පැවරී ඇති බලතල අනුව අද දින සිට මගී නෞකාවලින් මගීන් ගොඩබීමට බැස්සවීම තහනම් කර ඇති බවත් වෛද්‍යවරයා මෙහිදී පැවසීය.
 
 

More News..