brand logo

නැඳුන්ගමුවේ රාජා වෙනුවෙන් මුද්දරයක් නිකුත් කෙරේ

30 December 2019

පසුගිය යුගයේ තරම් මේ රට සිංහල බෞද්ධ රටක් නෙමෙයි කියලා කෑ ගහපු, සිංහල බෞද්ධ සංස්කෘතිට කරදර හිරිහැර එල්ල කරපු, අලි ඇතුන් නිසා ස්වාමීන්වහන්සේලා හිරේ දාපු යුගයක් ඉතිහාසයේ ම නැහැ “ යි උසස් අධ්‍යාපන , තාක්ෂණ හා නවෝත්පාදන , තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ අද (30) දින වැලිවේරිය , නැඳුන්ගමුව ප්‍රදේශයේ දී ‘නැඳුන්ගමුව හස්තියා වෙනුවෙන් සමරු මුද්දරයක් නිකුත් කිරීමේ අවස්ථාවට’ සහභාගී වෙමිනි. එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා , රටේ බෞද්ධ ශාසනික ඉතිහාසය තුළ බුදුන්වහන්සේ අති උතුම් දන්ත ධාතූන් වහන්සේ වැඩම කළ හස්ති රාජයන් ලෝ වටා ජනතාවගේ ගෞරවයට සහ ආදරයට පාත්‍ර වුණා. මේ නැඳුන්ගමුවේ හස්ති රාජයා ත් ස්වකීය ගෞරවනීය සේවාව ඉතා ම භක්තිමත් ව ඉටු කරන ජාතික වැදගත්කමක් උසුලන හස්තියෙක්. රටේ ඉතිහාසය හා බැඳුණු වඩාත් වැදගත් සත්ත්වයින් කොටසක් ලෙස අලි ඇතුන් පිළිගැනෙනවා. විශේෂයෙන් ම රටේ භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කරගැනීම සඳහා ඉතිහාසය පුරාවට විශේෂ සේවාවක් ඉටු කළා. කඩොල් ඇතාගේ පටන් ම අලි ඇතුන් ගෞරවනීයත්වයට පත්වුණෙ ත් ඔවුන්ගේ ඒ සේවාව නිසයි. අලි ඇතුන්ට ජන කවිය තුළ පවා ඒ ගෞරවනීයත්වය ලබා දී තිබුණා. රාජ රාජ මහා මාත්‍යවරුන්ගේ පටන් සිංහල බෞද්ධ සංස්කෘතියේ සංකේතයක් ලෙස අලි ඇතුන් යොදා ගත්තා. ඒ නිසා පෙරහැර සඳහා අලි ඇතුන් හිඟයක් අපිට තිබුණේ නෑ. දළදා මාළිගාවේ හිටපු රාජා ඇතාට පසුව ජනතාවගේ ගෞරවාදරයට පත්වුණු නැඳුන්ගමුවේ හස්ති රාජයාට නිසි ගෞරවය ලබා දීමට මහින්ද රාජපක්ෂ -ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව ක්‍රියා කරනවා. මේ සමරු මුද්දරය ඒ අනුවයි නිකුත් වෙන්නෙ. සිංහල බෞද්ධ රටක් ලෙස ඒ අනන්‍යතාව සුරක්ෂිත කරන්න අපි බැඳී සිටිනවා. යනුවෙන් ද පැවසීය. මෙම අවස්ථාව සඳහා ගෞරවනීය සංඝරත්නය , තොරතුරු , සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලසන්ත අලගියවන්න, ඩුලිප් විජේසේකර, දියවඩන නිලමේ නිලංහ දෑල,රාජ්‍ය ලේකම්වරුන් වන මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර, ඩබ්.ඒ. චූලානන්ද පෙරේරා, තැපැල්පති රංජිත් ආරියරත්න ඇතුළු විශාල පිරිසක් ද සහභාගී වූහ.
 

More News..