brand logo

නැගෙනහිර පර්යන්තය සම්බන්ධ චෝදනා UNPය ප්‍රතික්ෂේප කරයි

22 January 2021

  කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය විකිණීම සඳහා තම රජය එකඟ වූ බවට නැගෙන චෝදනා එක්සත් ජාතික පක්ෂය ප්‍රතික්ෂේප කර ඇත. නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂ සඳහන් කර සිටින්නේ නැගෙනහිර පර්යන්තය හෝ කොළඹ වරායේ කිසිදු කොටසක් ඉන්දියාවට, ජපානයට හෝ වෙනත් රටකට විකිණීම සඳහා 2019දී එවකට පවතී රජය කිසිදු ගිවිසුමකට එළඹ නැති බවකි. ඔවුන් සඳහන් කරන්නේ 'පර්යන්ත මෙහෙයුම් සමාගමකට බදු දීමට ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ ජපාන රජයන් අතර අවබෝධතා ගිවිසුකට අත්සන් කළ බවයි. එසේම ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ ජපානය අතර සහයෝගීතා ගිවිසුමක් අත්සන් කිරීම සඳහා 2019 සැප්තැම්බර් 10 දින කැබිනට් අනුමැතිය ලබාදුන් බවද එක්සත් ජාතික පක්ෂය විසින් නිතුත්කළ නිවේදනයේ සඳහන් වේ.
 

More News..