brand logo

නැකත් චාරිත්‍ර වලින් අනතුරුව බස් සහ දුම්රිය සේවාව අද සිට යළිත් සාමාන්‍ය පරිදි

15 April 2019

උත්සව සමය වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹට පැමිණිම සඳහා අද (15) දිනයේ සිට ප්‍රවාහන පහසුකම් ක්‍රියාත්මක කෙරෙන බව ප්‍රවාහන බලධාරින් පවසයි. ඊයේ (14) දිනයේ සිට ලංගම බස් රථ සේවා ක්‍රමක් ක්‍රමයෙන් යථා තත්ත්වට පත් කර ඇති බව ලංකා ගමනා ගමන මණ්ඩලය සඳහන් කළේය. කෙටි දුර ගමන් සේවාවලට මෙන්ම දිගු දුර ගමන් සඳහා ද මේ වන විට ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වන බව එම මණ්ඩලය සඳහන් කළේය. මේ අතර අද දිනයේ සිට දුම්රිය සේවාවද සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කෙරෙන බව දුම්රිය නියෝජ්‍ය ගමන ගමන අධිකාරි එස්.එස් පොල්වත්තගේ මහතා සඳහන් කළේය.
 

More News..