brand logo

නාවික සෙබලුන් ප්‍රවාහනය කළ බස් රථයක් අනතුරකට ලක්වෙයි

28 April 2020

නාවික හමුදා නිලධාරින් ප්‍රවාහනය කළ ලංගම බස් රථයක් තාප්පයක  ගැටිමෙන් සිදුවු අනතුරෙන් නාවික භටයන් 5ක් තුවාල ලබා බලපිටිය මූලික  රොහලට ඇතුලත් කළ බව අම්බලන්ගොඩ පොලිසිය පවසයි. අම්බලන්ගොඩ, රන්⁣දොඹේ සංඝරාජ විහරය ඉදිරිපිට නිවසක තාප්පයක අද  (28වැනිදා) අලුයම 2.30ට පමන බස් රථය ගැටි තිබේ. අනතුර සිදුව ඇත්තෙ  රියදුරුට නින්දයාම නිසා බවපොලිසිය කියයි. රියදුරු අත් අඩංගුවට ගෙන තිබේ. නිවාඩු ලබා පැමින සිටි නාවික භටයන් 32 ක් බද්දේගම , ගාල්ල,  කොග්ගල ප්‍රදේශවලින් රැගෙන කොළඹ බලා ගමන්කළ පානදුර ඩිපෝවට අයත්  බස් රථයක් ⁣මෙම අනතුරට ලක්ව තිබේ. පසුව අම්බලන්ගොඩ ඩිපෝවට අයත්  බස් රථයකින් අනතුරට පත් බස් රථයේ සිටි පිරිස කොළඹ බලා රැගෙන යාමට නාවික හමුදාව කටයුතු කරන් ලැබිය.
 

More News..