brand logo

නාවිකයන්ට ඔන්ලයින් ලියාපදිංචියක්

08 February 2020

නෞකාවල රාජකාරි කටයුතු සඳහා දිවයින පුරා වරායන්වලින් පිටත් වන නාවිකයන් ඔන්ලයින් ක්‍රමයට ලියාපදිංචි කිරීමට වරාය සහ නාවුක කටයුතු අමාත්‍යාංශය තීරණය කර ඇත. දැනට නාවිකයන් නාවික ලේකම් කාර්යාලයට පැමිණ ලියාපදිංචි විය යුතුය. තවද වරාය අධිකාරියේ වෛද්‍යවරයාගෙන් වෛද්‍ය සහතිකයක්ද ලබාගත යුතුය. මෙම ක්‍රමවේදය නිසා ප්‍රමාදයන් සිදුවන බව නාවිකයන් අමාත්‍යාංශයට පැමිණිලි කර තිබේ. මේ පිළිබඳ අවධානය යොමුකරමින් සියලු නාවිකයන් ඔන්ලයින් ක්‍රමයට ලියාපදිංචි කිරීමටත්, අවශ්‍ය මුදල් ඔන්ලයින් ක්‍රමයට පැය 24 පුරා ගෙවීමටත් පහසුකම් සලසන බව අමාත්‍යාංශ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ පවසයි. තවද ලියාපදිංචි ඕනෑම වෛද්‍යවරයකුගෙන් වෛද්‍ය සහතිකයක් ලබා ගැනීමටද නාවිකයන්ට අවකාශ හිමි වෙයි. සියලු රාජකාරි කටයුතු සිදුවීමෙන් පසු නාවිකයන්ට එස්.එම්.එස්. පණිවුඩයක් මගින් දැනුම් දීමට ද කටයුතු කරන බව අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේ ය. සෑම මාසයකම නාවිකයන් 300-400 ත් අතර සංඛ්‍යාවක් දිවයින පුරා වරායන්වලින් වෙළෙඳ නෞකා රාජකාරි සඳහා පිටත් වෙති. උදයජීව ඒකනායක
 

More News..