brand logo

නාවලපිටිය හුණුගල්ඔය පොලව ගිලා බැසීමේ අවධානමක් - පවුල් 5කට ඉවත්වන ලෙසට උපදෙස්

31 July 2019

නාවලපිටිය පොලිස් වසමට අයත් නාවලපිටිය තෙලිස්සාගල හුණුගල්ඔය ප්‍රදේශයේ පොලව ගිලා බැසිමේ අවධානමක් හේතුවෙන් එම ගම්මානයේ පවුල් පහකට ඉන් ඉවත් වන ලෙස ප්‍රදේශයේ ග්‍රාමසේවා නිලධාරිවරයා විසින් ඊයේ (30) දැනුම් දි ඇත. නාවලපිටිය කැටබුලාව ප්‍රධාන මාර්ගය යාබදව පිහිටි තෙලිස්සාගල හුණුගල් ඔය ගම්මානයට කොත්මලේ ජලාශය ඉදි කිරිමේදි එහි අවතැන් වු පවුල් 300 පමණ ගෙනවිත් පදිංචි කර ඇති අතර තේ කර්මාන්තය ජිවනෝපාය කරගත් එම ගම්වාසින් පවසන්නේ මිට දින කිහිපයක සිට තම නිවැස් වලට පහලින් කුඩා වලක් ඇති වු බවත්, එම වල මේ වන විට දිනෙන් දින ක්‍රමක් ක්‍රමයෙන් ගැඹුරට ප්‍රසාරණය වන බවත් ,තවද පදිංචි නිවාස බිත්ති ඉරිතලා පුපුරා ඇති බවද ගම්වාසින් පැවසිය. එම වලට යාබදවම තේ වත්තේ ස්ථාන කිහිපයකින් එක වරම ජලය කාන්දු විමක්ද සිදු වන බවත්, පවත්නා තත්ත්වය මතතම නිවාස වල පදිංචිව සිටිමට නොහැකි නිසා ප්‍රදේශයේ ග්‍රාමසේවා නිලධාරිවරයාව දැනුවත් කර ග්‍රාමසේවා නිලධාරිවරයාගේ උපදෙස් පදිරි තමන් රාත්‍රි කාලයේදි පමණක් නිවාස වලින් බැහැරව ඥාතින්ගේ නිවාස වල සිටින බවයි. තෙලිස්සාගල හුණුගල්ඔය ගම්මානය ගිලා බැසිම සම්බන්ධයෙන් අප කොත්මලේ ප්‍රාදේශිය ලේකම් සුරංගි පෙරේරා මහත්මියගේන් අප කල විමසුමකට ඇය පවසා සිටියේ එම ගම්මානයේ ස්ථානයක් ගිලා බැසිම සමබන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයට දැනුම් දිමක් සිදු කර ඇති බවයි. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරින් පැමිණ පරික්ෂණ පවත්වා වාර්තාවක් ලබාදෙන තෙක් තාවකාලිකව නිවාස පහක පදිංචි කරුවන්ට ආරක්ෂිත ස්ථාන කරා යන ලෙස උපදෙස් ලබා දි ඇති බවයි. හැටන් රංජිත් රාජපක්ෂ
 

More News..