brand logo

නාවලපිටිය නගරය විෂබිජහරණයට ලක් ‌කෙරේ

30 April 2020

නාවලපිටිය නගරය අද (30) පෙරවරුවේ විෂබිජහරණයට ලක් කරනු ලැබූහ. ඒ, කොවිඩ් 19 වෛසරය අසාධනය වු නාවික හමුදා සෙබළුන් දෙදෙනෙකු නාවලපිටිය නගරයේ වෙලදසැල් කිහිපයකට පැමිණ තිබීම හේතුවෙනි. මේ හේතුවෙන් නාවලපිටිය නගරය අප්‍රේල් මස 29 වැනිදා සිට මැයි මස 4 වැනිදා දක්වා වසා දමා තිබේ. කෙසේ වෙතත් අද පෙරවරුවේ ශ්‍රී ලංකා පොලිසියේ කැරලි මර්ධන එක්කයේ ජල බවුසරයක ආධාරයෙන් නාවලපිටිය නගර සභාව සහ නාවලපිටිය පොලිසිය එක්ව නගරයේ සියළුම වෙලදසැල් , ප්‍රධාන මාර්ග , මහජනතාව ගැවසෙන ස්ථාන විෂබිජහරණයට ලක් කෙරිණි. * මෙරටින් කොවිඩ්-19 වෛරසය තුරන් කිරීම සදහා ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව සිදුකරන රාජකාරි අතරතුර ඔවුන්ට මෙම වෛරසය ආසාදනයවී තිබේ. ශානක ප්‍රසාද් - නාවලපිටිය
 

More News..