brand logo

නාවලපිටිය නගරය තාවකාලිකව වැසෙයි

15 January 2021

නාවලපිටිය නගරය අද (15) සිට ලබන 18 වැනි දින දක්වා තාවකාලිකව වසා දමා ඇත. කොරෝනා ආසාදිතයින් 16දෙනෙකු නාවලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයෙන් හදුනාගැනීමත් සමග එම තීරණය ගත් බව එහි වෙළද සංගමයේ සභාපති කිත්සිරි කරුණාදාස මහතා පැවසීය. එම ආසාදිතයින්ගෙන් කිහිපදෙනෙකු නාවලපිටිය නගරයේ වෙළදසැල් වලට ගොස් ඇති බවට තොරතුරු වාර්තාවීමත් සමග සෞඛ්‍ය අංශ වෙළෙදසැල් හිමියන්ට දැනුම් දී ඇත්තේ වෙළෙදසැල් වසා දැමීමටයි. නගරය විසබීජහරණය සිදුකිරීමෙන් පසු ලබන 18 වැනි දින නැවත විවෘත කිරීමට කටයුතු යොදා තිබේ.
 

More News..