brand logo

නාවලපිටියේ ව්‍යාපාරිකයෙකුගේ නිවසකට මැර ප්‍රහාරයක්

10 November 2018

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සහයෝගය දැක්වූ නාවලපිටිය හයිපොට් ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකුගේ නිවසට අද අළුයම මැර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. අද අළුයම 12.50ට පමණ සිව්දෙනෙකුගෙන් සමන්විත මැර කණ්ඩායමක් පැමිණ එම ව්‍යාපාරිකයාගේ නිවසේ ජනේලවලට සහ මෝටර් රථයට පහර දී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. අදාළ මැර පිරිස පලායන අවස්ථාවේ ව්‍යාපාරිකයාගේ නිවස අසළ නවතා තිබූ වෙනත් අයෙකුට අයත් ත්‍රිරෝද රථයකට ද පහරදී තිබෙනවා. මෙම සිදුවීම සම්බන්ධයෙන් නාවලපිටිය පොලීසියට අගතියට පත් ව්‍යාපාරිකයා විසින් පැමිණිල්ලක් ද කර තිබෙනවා.
 

More News..