brand logo

නාවලපිටියෙන් නාවික දුර දක්න ඇතුළු උපකරණ රැසක් සොයා ගැනේ

10 May 2019

නාවලපිටිය පොලිසිය යුධ හමුදාව සහ පොලිස් විශේෂ කාර්යය බලකාය එකාබද්ධව නාවලපිටිය හපුගස්තලාව කලුදැමඩ ප්‍රදේශයේ ඊයේ (09) සිදු කල මෙහෙයමුකදි උපකරණ රැසක් සොයා ගැනිමට හැකි වු බව නාවලපිටිය පොලිසිය පැවසිය. ඊයේ අලුයම සිට එම ප්‍රදේශයේ සිදු කල සොදිසි මෙහෙයුමකදි මෙතෙක් ආරක්ෂක අංශවලට හමු නොවු විදේශ රටක නිෂ්පාදනය කරන ලද නාවික දුර දක්නයක් , පිහි කිහිපයක් කඩු දෙකක් සහ මුස්ලිම් සංවිධානයක් විසින් පල කරන ලද බැනරයක්ද හමු වි ඇත. එම මෙහෙයුමේදි 2019 වසරට බලපත්‍ර නොමැතිව ලග තබාගෙන සිටි පතුරම් තුවක්කුවක්ද සොයා ගැනිමට ආරක්ෂක අංශ සමත් විය. පතුරම් තුවක්කුව තිබු නිවසේ කාන්තාවද සැකපිට අත්අඩංගුවට ගත් බවයි නාවලපිටිය පොලිසිය පැවසුවේ. අත්අඩංගුවට ගත් කාන්තාව සහ මෙහෙයුමේදි සොයාගත් උපකරණ නාවලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව නාවලපිටිය පොලිසිය පැවසිය. හැටන් රංජිත් රාජපක්ෂ
 

More News..