brand logo

නාවට්කුලි කලපුවේ මුහුදු කොටි සැමරුම වෙනුවෙන් සැකසු පාරුවක් පාවෙයි

29 November 2018

යාපනය,නාවට්කුලි කලපු ප්‍රදේශයේ එල් ටි ටි සංවිධානයේ සිට ජිවිතක්ෂයට පත්වු මුහුදු ‍කොටි සිහි කිරීම වෙනුවෙන් සැකසු පාරුවක් පාවෙමින් තිබියදී සොයාගත් බව යාපනය ආරක්ෂක අංශ පවසයි. යාපනය ආරක්ෂක අංශ පැවසූවේ මහවිරු දිනය වෙනුවෙන් අදාළ සැමරුම් පාරුව සකස් කොට පාකරන්නට ඇති බවට සැක පළ කරන බවයි. කොඩි හා නියඟලා මල්වලින් අලංකාරවත්ව අදාළ පාරුව සකස් කොට තිබු බවද ආරක්ෂක අංශ පවසති. යාපනය ආරක්ෂක අංශ පැවසූවේ මුහුදු කොටි සැමරීම වෙනුවෙන් වන සටහනක්ද අදාළ පාරුව තුළ තිබු ජායාරූපයන්ගේ තිබු බවයි. සිද්ධිය සම්බන්ධයෙන් යාපනය ආරක්ෂක අංශ පරීක්ෂණ පවත්වයි.
 

More News..