brand logo

නාය ගිය තැන බස් දෙකක් ගැටී 23ක් රෝහලේ (Photos)

14 January 2020

හැටන් - මහනුවර ප්‍රධාන මාර්ගයේ දියගල ප්‍රදේශයේ පුද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටිමෙන් සිදුවු අනතුරකින් 23ක් තුවාල ලැබු බව වටවල හා ගිනිගත්හේන රජයේ රෝහල් වල ප්‍රකාශකයින් පැවසුහ. මෙසේ අනතුරට පත්වුයේ හැටන් සිට මහනුවර හා මහනුවර සිට හැටන් දක්වා ධාවනය කරමින් තිබු එකම හිමිකරුට අයත් පුද්ගලික බස් රථ දෙකක් වන අතර එම අනතුර සිදුව ඇත්තේ නායගිය ස්ථානය ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරන හේතුවෙන් එම ස්ථානයේ රථ වාහන ධාවනයට එක් මංතිරුවක් පමණක් විවෘත කර ඇති අවස්ථාවේ එම මංතිරුව ඔස්සේ බස් රථ දෙකම දෙපසින් ධාවනය කිරිම හේතුවෙන්ය. එම අනතුරෙන් තුවාල සිදුවු පුද්ගලයින් 22 කු වටවල රජයේ රෝහලට ඇතුලත් කර තිබේ.එයින් 10 කු බාහිර රෝගි ප්‍රතිකාර අංශයෙන් ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති අතර 12 කු නෙවාසික කර තිබේ.එයින් 6 කු වැඩිදුර ප්‍රතිකාර සදහා මුලික ප්‍රතිකාර වලින් පසු නාවලපිටිය මුලික රෝහලට මාරුකර යැවීමට පියවර ගෙන ඇති අතර ඒ අතර ළමුන් 4 ක් සහ වැඩිහිටියන් 2 කි. සුළු තුවාල ලැබු එක් පුද්ගලයෙක් ගිනිගත්හේන රජයේ රෝහලේ බාහිර රෝගි පරික්ෂා කරන අංශය වෙත පැමිණ සුළු තුවාල සදහා ප්‍රතිකාර ලබාගෙන නික්ම ගොස් තිබේ. එම අනතුර 14 පෙරවරු 7.30 ට පමණ සිදුවී ඇති අතර තුවාල ලැබුවන් අතර පාසල් සිසුන්.කාර්යාල නිලධාරීන් රැසක් සිටි.ගිනිගත්හේන පොලිසිය පරික්ෂණ පවත්වයී. චන්දන ජයවීර - හැටන්
 

More News..