brand logo

නායිකාවන් අතර සටනේදී ශ්‍රී ලංකාව හමුවේ ඉන්දියාවට පරාජය

17 September 2018

නායිකාවන් අතර සටනක් බවට පත්ව තිබූ ඉන්දීය, ශ්‍රී ලංකා තුන්වැනි එක්දින තරගයෙන් කඩුලු 3 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ. මෙම තරගය කටුනායක මේරියන්ස් පිටියේදී පැවැත්විණි. ඒ අනුව මුල් තරග දෙක ජයගෙන සිටි ඉන්දියාවට 3-1 ක් ලෙස තරගාවලි ජය හිමි විය. කඩුලු 5 ක් දැවී ඉන්දියාව රැස්කරන ලද ලකුණු 253 ක ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකාව පන්දුවාර 49.5 කදී කඩුලු 3 ක් අතැතිව ලකුණු 257 ක් සමගින් ජය සපුරාගත්තේය. මෙම තරගයේදී දෙපිලේම නායිකාවන් ශතක රැස් කරමින් කණ්ඩායම් වලට සිය දායකත්වය ලබා දී තිබිම කැපී පෙනුණු සිදුවීමක් විය. එහිදී ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු සිය සිව්වැනි ශතකය වශයෙන් ලකුණු 115 ක් රැස්කර ගත්තාය. පන්දු 133 කදී වාර්තා වී තිබූ මෙම ලකුණු සංඛ්‍යාවට හයේ පහර 4 ක් සහ හතරේ පහර 13 ක් අන්තර්ගතව තිබිණි. මෙම තරගයේදී සිය 7 වැනි ශතකය දක්වා පිත්ත හැසිරවූ ඉන්දීය නායිකා මිතාලි රාජ් පන්දු 143 කදී හයේ පහරක් සහ හතරේ පහර 14 ක් සමගින් නොදැවී ලකුණු 125 ක් රැස්කර ගත්තාය.
 

More News..